Thursday, April 25, 2024

General line - 0115112241

මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වු බෝධිපූජාමය පිංකම (PHOTO)




මාධ්‍යවේදී හසිත අකලංක කලක් නෙත් නිවුස් කණ්ඩායම සමඟ කටයුතු කළ මාධ්‍ය සගයෙක්.

ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස සිය දක්ෂතා පෙන්වූ හසිත පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්වුණේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ  නියැලී සිටියදීයි. 

එම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හසිතට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමින් නෙත් නිවුස් කණ්ඩායම සංවිධාන කළ ආශිර්වාද බෝධි පූජා පිංකමක් අද පැවැත්වුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි. 

නෙත් එෆ්.එම්. රේඩියෝවේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නෙත් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම සෙසු මාධ්‍ය ආයතනවල සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.