Friday, March 29, 2024

General line - 0115112241

දිරිය නෙත් සිසු දරු දැරියන්ට සවිය දෙයි (PHOTOS)




රුවන්වැල්ල වැන්දල සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ සිරි සෝභිත නැණ පහන සමාජ සත්කාර පදනම, දිරිය නෙත් වැඩසටහන සමගින් එක්ව සිදු කෙරෙන තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ඇතිමලේ ශ‍්‍රී නාගලෙන පුරාණ විහාරයේ දී අද (24) පැවැත්වුණා.

ආර්ථික දුෂ්කරතා සහිත දහම් පාසල් සිසු සිසුවියන් පන්සියයකට වැඩි පිරිසකට පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දැක් වූ කරවනැල්ල වැන්දල සිරි විසුද්ධාරාමාධිපති පූජ්‍ය හාලියාලේ අරියවංශ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා සහිත දරුදැරියන් සම්බන්ධ කරගනිමින් මෙම සත්කාර්යය සිදු කරන බවයි.