Thursday, April 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ට මෙක්සිකෝව විරෝධය පායි




නීති විරෝධි ලෙස අමෙරිකාවේ රැඳී සිටින මෙක්සිකානු ජාතීන් පිටුවහල් කිරීමට සහ දේශ සීමා හරහා තාප්පයක් ගොඩනැගීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන ඇති තීරණයට මෙක්සිකෝව විරෝධය පළ කරනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ (23) මෙක්සිකෝවට පැමිණියා.

එහිදී මෙක්සිකෝ විදේශ කටයුතු අමාත්‍යවරයා ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් නොසතුට පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.