Tuesday, April 23, 2024

General line - 0115112241

‘‘අමාන් - 2017’’ ට ගිය සමුදුර ආපසු එයි




නාවික අභ්‍යාසයකට සහභාගී වීම සඳහා පකිස්තානය බලා ගිය ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව සිය සංචාරය නිමවා යළි දිවයිනට පැමිණ තිබෙනවා. ‘‘අමාන් - 2017’’ නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සමුදුර නෞකාව පකිස්තානය බලා පිටත්ව ගියේ පෙබරවාරී මස 03වන දිනයි.

පසුගිය 10 වනදා සිට 14 වනදා දක්වා කරච්චිහිදී පැවති එම නාවික අභ්‍යාසය සඳහා රටවල් 21 ක නාවික හමුදා සාමාජිකයින් එක් වුණා. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට නාවික හමුදා සාමාජිකයින් 186 දෙනෙකු සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ පුද්ගලයින් 08 දෙනෙකු එක් වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. සමුදුර නෞකාව යළි දිවයිනට පැමිණීමෙන් පසුව නාවික හමුදාව විසින් සාම්ප‍්‍රදානුකූලව එය පිළිගනු ලැබ තිබෙනවා.