Thursday, March 28, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශ සීමාව ඔස්සේ ඉදිකිරීමට යෝජිත තාප්පයේ වැඩකටයුතු නියමිත දිනට පෙර ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

සැමවිටම අමෙරිකානු පුරවැසියන් හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි ට්‍රම්ප් අවධාරණය කරන්නේ. 

මෙම තාප්පය මහා දේශ සීමා ප්‍රාකාරයක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිඛෙනවා. 

ඒ, අමෙරිකාවේ මේරිලන්ඩ් හි පැවති සමුළුවක් අමතමින්. 

නරක මිනිසුන් රටෙන් පිට කිරීම සදහා අවධානය යොමුකරන බවද ට්‍රම්ප් මෙහිදී ප්‍රතිඥා දුන්නා.