Thursday, April 18, 2024

General line - 0115112241

ජනපති වැදගත් දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක - ළඟදීම කැබිනට් සංශෝධනයකුත්?




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟදීම වැදගත් දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. 

වර්තමාන ආණ්ඩුවේ දුර්වලතා ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ.

නොබෝ දිනකින් කැබිනට් සංශෝධනයක් සිදු වෙතැයිද අමාත්‍යවරයා ඉඟි පළකලා.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉතා තීරණාතමක යැයිද ඔහු සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ 2017 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන පක්ෂයට 2020/21 මැතිවරණයද ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තිබෙන බවයි.

ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හාළිඇල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.