Wednesday, April 24, 2024

General line - 0115112241

කිිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරේ ඉඩම් ජනතා අයිතියට




කිිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුර පිහිටි භූමියට අයත් බිම් කොටස් කිහිපයක් යළි ජනතා අයිතියට පවරා දී තිඛෙනවා.

ඒ, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්නගෙන් කළ විමසීමේදි ඔහුු සඳහන් කළේ පදිංචිකරුවන් තිදෙනෙකු එම භූමියේ අයිතිවාසිකම් කියූ බවත්,අයිතිය නිසි පරිදි තහවුරු කොටගෙන භාර දීම සඳහා එම තිදෙනාගේ ඉඩම් පමණක් ප්‍රාදේශීය ලේකම් කර්යාලයට භාරදුන් බවයි.

තම ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් පරෙවිපච්චාන් වැසියන් ඉකුත් සඳුදා උපවාසයක් ද ආරම්භ කළා.

යුද හමුදා කඳවුරක් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම ඉඩම් පවරාගෙන තිබුණේ 2008 වසරේ සිට බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.