Thursday, April 25, 2024

General line - 0115112241

BBC CNN ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයන්ට ට්‍රම්ප්ගෙන් තහනමක්




බී.බී.සී. , සී.එන්.එන් හා  නිව්යෝර්ක් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකට ධවල මන්දිරය විසින් තහනමක් පනවනු ලැබ තිඛෙනවා. 

ඒ, ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වීම වළක්වමින්. 

මාධ්‍ය සාකච්ඡා ආවරණයට ඉඩ ලබා දී ඇති ආයතන අතරට රොයිටර්ස් , ඒ.බී.සී., ෆොක්ස් සහ වොෂින්ටන් ටයිම්ස් ද ඇතුළත්. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් ෂෝන් පයිසර්ගෙන් මේ පිළිබද විමසීමක් කර ඇතත් ඔහු ද ඊට නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකර පැය කිහිපයකට පසුවයි. 

එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් රටේ හතුරන් බවයි.