Friday, April 19, 2024

General line - 0115112241

නීතීඥ සංගමයේ නිලවරණයට දින තීන්දු වෙයි




ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය මාර්තු මස 15 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද (25) පෙරවරුවේ රැස් වූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව එහිදී මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය සඳහන් කළේ.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ඉකුත් 21 වනදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත් වීම හේතුවෙන් එය කල් දැමීමට එම අවස්ථාවේ දී තීරණය කෙරුණා.