Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දියාවට අන්ත පරාජයක්! දින දෙකක් ති්බියදී ඕස්ට්‍රේලියාව තරග ජය ගනී




ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ලකුණු 333කින් ජය ගැනීමට සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, මෙම තරගය නිමා වීමට සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබියදීයි. තරගයේ තුන්වන දිනය වූ අද ලකුණු 441ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය දෙවන ඉණිම ලකුණු 107කට සීමා වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්ටීව්  ඕ කෙෆී ලකුණු 35කට ඉන්දීය පිතිකරුවන් 06 දෙනෙකු දවා ගැනීමට සමත් වුණා. පළමු ඉණිමේ දී ද ස්ටීව්  ඕ කෙෆී ලකුණු 35කට කඩුලූ හයක් බි`ද හෙලීම විශේෂත්වයක්. මෙම තරගයේ පළමු ඉණිම වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 260ක් රැුස් කළ අතර දෙවන ඉණිමේ දී ලකුණු 285ක් රැුස්කළා. ඉන්දීය කණ්ඩායමට පළමු ඉණිමේ දී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.