Friday, April 19, 2024

General line - 0115112241

මැතිව්ස් බංග්ලාදේශයට නොයවයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග දෙක සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා මැතිව්ස් ක‍්‍රීඩා කරනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ. මෙම තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සඳහා ජාතික තේරීම් කමිටුව ලබන 28 වනදා රැස්වීමට නියමිතයි.

එහිදී කරුණු ගණනාවක් කෙරෙහි දැඩි අවධානය යොමු කර ශ‍්‍රී ලංකා සංචිතය නම් කරන බවද ක‍්‍රිකට් ආයතනය සඳහන් කළා. 
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මාර්තු මස 07 වනදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.