Tuesday, April 23, 2024

General line - 0115112241

අමෙරිකාවට එකට එක කරන්නට මෙක්සිකෝව සැරසෙයි




අමෙරිකාවෙන් මෙක්සිකෝවට ආනයනය කරන භාණ්ඩ සඳහා වෙළඳ බද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙක්සිකෝව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. මෙක්සිකෝවේ විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තෝරාගත් භාණ්ඩ කිහිපයකට ඒකපාර්ශවීය බදු පැනවීම සම්බන්ධයෙන් සිය රටට ද ප‍්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති බවයි.

අමෙරිකාව සහ මෙක්සිකෝ දේශ සීමාව අතර ඉදිකිරීමට යෝජිත දැවැන්ත තාප්පයේ ඉදිකිරීම් සඳහා මෙම බදු මුදල් යොදාගත හැකි වනු ඇති බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම එම තාප්පයේ ඉදිකිරීම් සැලසුම් කළ කාල සීමාවට පෙර ආරම්භ කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ සඳහා නිර්මාණ සැලසුම් භාර ගැනීම මාර්තු මස 06 වනදා සිට මාර්තු මස 20 වනදා දක්වා සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

ඒ අතරින් හොඳම නිර්මාණ සැලසුමට අනුව දේශ සීමා වෙන් කෙරෙන තාප්පය නිර්මාණය කෙරෙනු ඇති. ඩොලර් බිලියන 21 යි දශම 05ක පමණ වියදමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම තාප්පය දැවැන්ත නිර්මාණයක් වනු ඇති බවද ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.