Friday, March 29, 2024

General line - 0115112241

සිඬාලේප තෑගි බෙදයි




සිඬාලේප කැකුළු සමස්ත ලංකා චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවය ඉකුත්දා පැවැත්වුණා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාවේදීයි.

එහිදී අදහස් දැක්වූ සිඬාලේප සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ අලෙවි ප‍්‍රධානී අනුෂ්ක විදානපතිරණ සඳහන් කළේ සිය අරමුණ වන්නේ පෙර පාසල් මට්ටමේ සිට මෙරට දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඉහළ නැංවීම බවයි.