Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් ඉරානයට සම්මානයක්




මේ වන විට පැවැත්වෙන 89වන ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත‍්‍රපටයට හිමි සම්මානය ඉරානයට හිමිවුණා. 

ඒ, ‘ද සෙල්ස්මන්’ චිත‍්‍රපටය වෙනුවෙන්. හොඳම ති‍්‍රමාණ සජීවීකරණ චිත‍්‍රපටය ලෙස ‘සූටෝපියා’ සම්මාන දිනාගත්තා.

හොඳම දෘෂ්‍ය ප‍්‍රයෝග සහිත චිත‍්‍රපටය ලෙස ‘ද ජංගල් බුක්’ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.
 
හොඳම සංස්කරණය ලෙස සම්මාන දිනාගත්තේ ‘හැක්සොව් රිඞ්ජ්’ චිත‍්‍රපටයයි. සම්මාන ප‍්‍රදානය තවදුරටත් සිදුවනවා.