Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාවන් අධිකරණයට 




උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොහොයුරා වන කිම් ජොන් නම් ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට මිනීමැරම් චෝදනා ගොනු කර ඇති බවයි.

අධිකරණය අවට විශේෂ ආරක්ෂක විධිවිධාන ද යොදා තිබෙනවා. 

වී එක්ස් නම් ලොව භයානකම විෂ රසායනිකයක් කිම් ජොන් නම් ගේ මුහුණට එල්ල කරමින් ඉකුත්දා මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළේදී මෙම ඝාතනය සිදු කෙරුණා.