Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් හමුදාව ඉවත් වෙයි - ගම් වැසියන් පදිංචි වෙයි (PHOTOS)




මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු ගම්මානයේ වැසියන්ට අයත් බව කියන,  ගුවන් හමුදාව විසින් පරිහරණය කළ ඉඩම් අද (01) ගුවන් හමුදාව විසින් නිදහස් කළා.

ඒ අතර පවුල් 52 කට අයත් ඉඩම් ඇති බවයි පැවසුනේ. අද දහවල් ගුවන් හමුදාව විසින් මුලතිවු දිසාපතිනී රූපවතී කේතීස්වරන් වෙත මෙම ඉඩම් භාර දුන්නා.

දිසාපතිනිය විසින් ඉඩම් බාරගෙන ඒවායෙහි අයිතිකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීමත් සමගම සතුටෙන් ඉපිල ගිය කේපාපිලවු ගම්මානයේ වැසියෝ ඔල්වරසන් දෙමින් සිය ඉඩම් වෙත දිව ගිය අයුරු මෙලෙස කැමරාවේ සටහන්ව තිබුණා.

මෙලෙස ඉඩම්වලට ගිය වහාම ඔවුන් සිය ඉඩම් බිම සිපගෙන සතුට පළ කළා.

කේපාපිලවු ගම්මානයේ වැසියන්ට එම ඉඩම් නිදහස් කිරීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දණුම්දීමකට අනුවයි.