Saturday, April 20, 2024

General line - 0115112241

ඖෂධ මිල අඩු කරන්න මාස දෙකක් දෙයි




ඖෂධ මිල අඩු කිරීම සඳහා මාස දෙකක් තුළ ක‍්‍රමවේදයක් සකස් කර ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

සම්මත කරන ලද ඖෂධ පනත මගින් ඖෂධ මිලදී ගැනීමේ පටිපාටියේ පැවති ප‍්‍රමාදයන් අවම කිරීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඇතැම් ඖෂධ සම්බන්ධයෙන් ඇතැම් සමාගම්වල පැවති ඒකාධිකාරයද මේ වන විට බිඳ වැටී ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් ඖෂධ මිල සියයට 85 ක් දක්වා අඩු කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මීට පෙර ලබාදුන් උපදෙස් තවමත් ඉටු නොවීම කනගාටුවට කරුණක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඖෂධ වර්ග හාරදහසක් පමණ ශී‍්‍ර ලංකාවේ අලෙවි කෙරෙන බවද, එ්වායේ මිල නියාමනය කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.