Friday, April 19, 2024

General line - 0115112241

වව්නියාවේ සිට සිත් නෙත් අසපුව  (PHOTOS)




වව්නියාව පොලිස් සංකීර්ණයේ සාම විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු සාම චෛත්‍යයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා.

සාම චෛත්‍යයේ කොත නිරාවරණය කෙරුණේ ඉන් පසුවයි.

ඒ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන්ගේ සුරතින්.

.........................................................................

පොලිස්පතිගෙන් නෙත් වෙත පැසසුම්

06-03-2017 08:00

වව්නියාව පොලිස් සංකීර්ණයේ සාම විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු සාම චෛත්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා. 

ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප‍්‍රධානත්වයෙන්. සාම චෛත්‍යයේ කොත නිරාවරණය කෙරුණේ ඉන් පසුවයි.

ඒ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන්ගේ සුරතින්. 

මෙම පිංකමට සමගාමී නෙත් එෆ්. එම්. රේඩියෝවේ සිත්නෙත් අසපුව ධර්ම දේශනය සහ ධර්ම සාකච්ඡාව ඊයේ රාත‍්‍රියේ සජීවීව විකාශය කෙරුණා. 

සාම චෛත්‍ය පරිශ‍්‍රයේ පැවති පරිත‍්‍රාණ ධර්ම දේශනය ද නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කිරීමටයි කටයුතු යොදා තිබුණේ. 

........................................................................

වව්නියාව පොලිස් සංකීර්ණයේ සිට නෙත් වෙතින් පිංකම් මාලාවක්

05-03-2017 05:05

වව්නියාව පොලිස් සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකෙරුණු සාම චෛත්‍ය විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කළ පිංකම් මාලාව අද (05) ආරම්භ වනවා.

ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වය යටතේයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන මෙම කටයුතු සඳහා එක්වන ලෙස ප්‍රදේශයේ ජනතාවටද ආරාධනා කරන බවයි. 

මෙම පිංකම්මාලාවට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝවේ සිත් නෙත් අසපුව වැඩසටහන අද රාත‍්‍රී 07.00 සිට 08.00 දක්වා සජීව ලෙස විකාශය කෙරෙන්නේද වව්නියාව පොලිස් සංකීර්ණයේ සිටයි.

ඒ, පූජ්‍ය මාතර මහින්ද හිමියන්ගේ වැඩමවීමෙන්. රාතී‍්‍ර අටේ සිට නවය දක්වා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවද සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි. පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන පරිත‍්‍රාණ ධර්ම දේශනාව ද නෙත් එෆ් එම් රේඩියෝව හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.