Wednesday, April 24, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහිව සටනින් දකුණු අප්‍රිකාව ජය ගනී




නවසීලන්තයට එරෙහි තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව ඊයේ (04) සමත් වුණා.

ඒ, දෙරට අතර පස්වන එක්දින ක‍්‍රිකට් තරගය කඩුලු හයකින් ජයගනිමින්. 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 41 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 149 ක් පමණයි.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු දෙකක් තුළ කඩුලූ හතරක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා.

දකුණු අප‍්‍රිකානු ඉණිම වෙනුවෙන් පෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 51 ක් රැස් කිරීමට සමත් වුණා.