Saturday, April 20, 2024

General line - 0115112241

සොමාලියාවේ සාගතයෙන් පැය 48 ක් තුළ 110 ක් මියයයි




දරුණු නියගයකට සහ සාගතයකට මුහුණදෙන අප්‍රිකානු - සෝමාලියාවේ පැය 48 ක් තුළ පුද්ගලයන් 110 දෙනෙකු සාගින්නෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

සෝමාලි අග්‍රාමාත්‍ය හසාන් අලි හයරේ ප්‍රකාශ කළේ එය නිරිතදිග සෝමාලියාවේ එක් කලාපයකින් වාර්තාවන බවයි.

එහි දුර්භික්ෂ තත්ත්වයක් හටගෙන ඇති අතර, කොළරාව වැනි වසංගත රෝගද පැතිරෙමින් පවතින බව සඳහන් වෙනවා.

එහෙත් දුර්භික්ෂයේ ප්‍රතිඵල ඊට වඩා දරුණු විය හැකි බව සහන සංවිධාන පෙන්වා දෙනවා.

සෝමාලියාවේ මිලියන 3 ක් ජනතාව ආහාර අනාරක්ෂිතාවයෙන් පෙළෙන බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.