Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තාන සුපර් ලීග් අවසන් මහා සටනේ අපේ දෙන්නෙක් ප්‍රතිවාදීන් වෙයි




පාකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) පැවැත්වෙනවා.

ඒ, ලාහෝර්හි ගඩාෆි ක‍්‍රීඩාංගණයේදීයි.

තරගය පැවැත්වෙන්නේ පෙෂාවර් සල්මි සහ ක්වාටර් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතරයි.

තරගය හේතුවෙන් ලාහොර් නුවර ආරක්ෂාව දැඩි කර ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා අනාවරණ කළා.

පකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ඩුබායිහි දී පැවති අතර අවසන් මහා තරගය පමණක් පකිස්තානයේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කළා.

දැඩි ආරක්ෂක රැකවල් හේතුවෙන් ලාහෝර් නුවර රථ වාහන ධාවනය ද සිමා කර තිබෙනවා.

ටී. එම්. ඩිල්ෂාන් පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් තරග කරන අතර තිසර පෙරේරා ක්වාටර් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරග කරනු ඇති.