Thursday, April 25, 2024

General line - 0115112241

බලාපොරොත්තු සුන් කරගත් පාකිස්ථානය ලංකාවෙන් ගත් ගුවන් යානය ආපසු දෙයි




ශ්‍රී ලංකාවෙන් ලබාගත් ගුවන් යානය නැවතත් ශ්‍රි ලංකාවට බාරදීමට පාකිස්ථානය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. 

කල්බදු ක්‍රමය යටතේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමෙන්  ඒ- 330 වර්ගයේ මෙම ගුවන් යානය පාකිස්ථානය ලබාගෙන තිබුණා.

ඩොලර් මිලියන 19 ක කල්බදු අගයක් යටතේ පාකිස්ථානය මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් මිලට ගත් අතර එය ලන්ඩනය හා ඉස්ලාමාබාද් අතර සේවයේ යෙදවීමට කටයුතු යොදා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් ගුවන් යානය ධාවනයේ යෙදෙන සෑම පැයකට ඩොලර් 8000ක වියදමක් දැරීමට සිදුවීමත් අපෙක්ෂා කළ පරිදි ගුවන් යානය යොදා ගැනීම හරහා ලාභ ලබා ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් පාකිස්ථානය නැවතත් එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලබදීමට තිරණය කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් කල්බදු ක්‍රමයට මිලට ගැනීමට පාකිස්ථාන ගුවන් සේවය කටයුතු කරනු ලැබුවා. 

මේ වන විට එම ගුවන් යානය පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය ඉංජිනේරු අංශයට යොදවා පාකිස්තාන ලාංඡන ඉවත්කර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ලාංඡන එකතු කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.