Tuesday, April 16, 2024

General line - 0115112241

මීළඟ කැබිනට් රැස්වීමේදී හම්බන්තොට වරාය තීරණාත්මකයි




හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මීළග කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ලබන 14 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් වනු ඇති බවයි.

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරමින් එම කැබිනට් පත‍්‍රිකාව සකස් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

හම්බන්තොට වරායේ කොටස්වලින් සියයට අසූවක් චයිනා මර්චන්ට් සමාගමටත් ඉතිරි සියයට විස්ස වරාය අධිකාරියටත් පැවරීමටයි දැනට යෝජනා වී ඇත්තේ.

චයිනා මර්චන්ට් සමාගමට සියයට 80ක කොටසක් පැවරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1100 ක මුදලක් ලැබෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.