Wednesday, April 24, 2024

General line - 0115112241

ගුවන් හමුදා සැණකෙලියට ජනපතිත් එක්වෙයි




ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත්  66 වන සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඊයේ දින විවෘත කිරීම සිදු වුණා.

ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්ව සිටියා.

අමාත්‍ය මහින්ද සමරසිංහ,  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.