Friday, April 26, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථ මීටරයටත් ප්‍රමිතියක් ඕනෑ 




ත‍්‍රීරෝද රථ සඳහා ප‍්‍රමිතිගත මීටරයක් ඉදිරියේදී ලබාදෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ පවසනවා.


මේ සම්බන්ධයෙන් ප්‍රමිති කාර්යාංශය සමග සාකච්ඡා කර ප්‍රමිතිගත මීටර් පමණක් ත‍්‍රීරෝද රථ සඳහා ලබා දෙන බවයි ඔහු සඳහන් කළේ.

 

ත්‍රීරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කර ඇති නිසා විකුණන අවස්ථාවේදීම මීටරයක් සවි කර අලෙවි කිරීමටද සාකච්ඡා කර ඇති අතර එසේ වුවහොත් අලුතින් ඒ සඳහා ත්‍රීරෝද රථ හිමියාට මීටර් සවි කිරීමට මුදල් වැය නොවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා.


ත්‍රීරෝද රථ මිටර්වල අය කෙරෙන මිල ගණන් සම්බන්ධයෙන් ද පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.