Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයින් 24 ක් නීතිමය කටයුතු සඳහා බාර දෙයි 




ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය හා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදී තිබෙනවා. 

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 24 ක්. 

ඔවුන්ට අයත්ව තිබූ ට්‍රෝලර් යාත‍්‍රා 4 ක් ද මෙහිදී නාවික හමුදාව භාරයට ගැණුනා. 

නව දෙනෙකුගෙන් යුත් එක් ධීවරයින් කණ්ඩායමක් අත්අඩංගුවට පත්වුණේ ඩෙල්ෆ් දූපතට ආසන්නයේදීයි. 

ඔවුන් භාරදී ඇත්තේ යාපනය ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙතටයි. 

අනෙක් ධීවරයින් පහලොස් දෙනා මන්නාරමට උතුරු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. 

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.