Tuesday, April 23, 2024

General line - 0115112241

 අමෙරිකාව සමග ගිවිසුමෙන් රටට වාසි නෑ   




ඉකුත් ආණ්ඩුව සමයේ අමෙරිකාව සමග අත්සන් කර ඇති ආරක්‍ෂක ගිවිසුම දීර්ඝ කිරිමට වත්මන් ආණ්ඩුවද සූදානම් වන බවට සැකයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ මෙම ගිවිසුමෙන් රටට කිසිදු වාසියක් අත් නොවන බවයි. 

එමගින් සිදුවන්නේ රටේ ස්වෛරීභාවයට හානිවීම පමණක් බවද ඔහු කියා සිටියා. 

මෙම ගිවිසුමේ කාලය දීර්ඝ කලහොත් ශී‍්‍ර ලංකාවට එමගින් අවාසිදායක තත්ත්වයක් මතුවන බවයි ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.