Tuesday, April 16, 2024

General line - 0115112241

 ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට සවන් දීම ගැන  ඔබාමාගෙන් පිළිතුරු 




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දෙන ලෙසට හිටපු ජනාධිපති බරක් ඔබාමා කළ බව කියන නියෝගයට අදාළ සිද්ධිය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. 

ඊට හේතු වී ඇත්තේ එවැනි දෙයක් සිදුවී ඇත්නම් සාක්‍ෂි සහිතව එය ඔප්පු කරන ලෙසට ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නියෝග කරනු ලැබීමයි. 

රිපබ්ලිකන් පක්‍ෂ සෙනට් සභික බෙන් සැසී පවසා ඇත්තේ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මෙම සිද්ධිය ඉතා බරපතල සිද්ධියක් සේ සලකා කටයුතු කරන බවයි. 

කෙසේවෙතත්  තමන් එවැනි කිසිදු නියෝගයක් කිසි දිනෙක නිකුත් නොකළ බව හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. 

ඔබාමාට කිසිදු අමෙරිකානු පුරවැසියෙකුගේ දුරකතන සංවාද ඇසීමට අවශ්‍යතාවක් නොතිබූ බව  ඔබාමාගේ ප‍්‍රකාශකවරයාද සදහන් කර තිබෙනවා.