Wednesday, April 24, 2024

General line - 0115112241

කොස්ලන්දේ ඉඩමක ගංජා ගස් 3200ක් 




කොස්ලන්ද අලූත්වෙල උස්සැල්ල ප‍්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එහි තිබී ගංජා ගස් 3210ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

අක්කර භාගයක පමණ භූමි භාගයක මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් තිබුණා.

කලක් තිස්සේ ඉතා රහසිගත ලෙස මෙය සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විසිතුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.