Tuesday, April 16, 2024

General line - 0115112241

බංග්ලාදේශය ක‍්‍රිකට් කණ්ඩායම කැපී පෙනෙන දියුණුවක් අත්කරගෙන තිබෙනවා - චන්දික හතුරුසිංහ




ශ‍්‍රී ලංකාව සමඟ හෙට ආරම්භ වන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දී වඩාත් තරගකාරී ලෙස තරග වැදීමට සූදානම් බව බංග්ලාදේශය පවසනවා.

කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේ පසුගිය සමයේ බංග්ලාදේශ කණ්ඩායම කැපී පෙනෙන දියුණුවක් අත්කරගෙන ඇති බවයි.

එබැවින් මෙම වසර ජයග‍්‍රාහී වසරක් කර ගැනීමට බංග්ලාදේශයට හොඳ අවස්ථාවක් ඇති බවත් ඒ සඳහා හොඳ සැලසුමක් ඇති බවත් චන්දික හතුරුසිංහ ප‍්‍රකාශ කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. 

දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2014 වසරේදීයි.

මෙතෙක් පවත්වා ඇති සෑම තරගාවලියක්ම ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වීමද විශේෂත්වයක්.