Friday, April 19, 2024

General line - 0115112241

මෙම සැකකාරියන් පොලිසියෙන් ඉල්ලයි




බොරැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී බස් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන එහි තිබුණු රුපියල් 102300 ක මුදලක් ගත් සහ එහි තිබුණු ණයවර කාඩ්පතකින් බොරැල්ල වෙළඳසැලකින් රු. 27705 ක ඇඳුම් ලබාගත් සැකකාරියන් දෙදෙනෙකු ගැන පොලීසිය තොරතුරු ඉල්ලා සිටිනවා.

ඉකුත් 27 වැනි දින පෙරවරුවේ මොවුන් අදාළ සොරකම් සිදුකර ඇති බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සහය වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

(එම නිවේදනය සහ ඡායාරූප පහතින් දැක්වෙයි)