Thursday, April 18, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ 10 ක් සමග අයෙක් දැලේ




හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රෑම් 10 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී අද (06) අත්අඩංගුවට ගැණුනා.

පොලිසිය පැවසුවේ මහමග ගමන් කළ පුද්ගලයෙකු පිළිබඳ සැක සිතී පරීක්ෂා කිරීමේ දී මෙම මත්කුඩු තොගය සොයා ගත් බවයි.

සැකකරුගෙන් මේ වන විට ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා. එම ප‍්‍රශ්න කිරිම්වලදී ලැබුණු තොරතුරුවලට අනුව ග‍්‍රැන්ඞ්පාස් වදුල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක්ද මේ වන විට පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටිනවා.