Friday, April 19, 2024

General line - 0115112241

කුවේටයේදී ලාංකික කතක් ගිනි තබා මරා දමයි




කුවේටයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් තානාපති ආරංචි මාර්ග කියා සිටියා.

අදාළ කාන්තාව සමග එකම නවාතැන්පොළේ නැවතී සිටි මෙම ලාංකිකයා ඇයගේ මියයෑමෙන් පසුව අතුරුදන්ව සිට තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එරට පොලිස් නිලධාරීන් හමුවේ  ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව ගිනි තබාගෙන දිවි නසාගැනීමට උත්සාහ කළ අතර, ඇය බේරාගැනීමට ක්‍රියා කිරීමේදී තමාටද පිළිස්සුම් තුවාල සිදුවූ බවයි.

කෙසේවෙතත් පසුව සැකකාර ලාංකිකයා පොලීසිය හමුවේ මෙම ඝාතනය තමන් සිදු කළ බවට  ප්‍රකාශ කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසනවා.