Thursday, April 25, 2024

General line - 0115112241

ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න




ලබන සති අන්තය වන විට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදි එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියේ සංවහන වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි. 

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් පන්ලක්ෂ පනස්පන්දහස් එකසිය හැට තුන් දෙනෙකු මේ වන විට පිඩාවට පත්ව සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය සහන සැළසිමේ කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර සාලාව යුද හමුදා කඳවුුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් වූ පුද්ගලයන්ට අවශ්‍ය සහන සැළසීම සඳහා මේ වන විට රුපියල් මිලියන එක්දහස් දෙසියයක මුදලක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමණාකතරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සඳහන් කළේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 10 ට වැඩි නිවාස 285 ක් සඳහා වන්දි ලෙස රුපියල් මිලියන 588 ක් යොදා ඇති බවයි.