Thursday, March 28, 2024

General line - 0115112241

විමල්ගෙන් අධිකරණයට විශේෂ ප්‍රකාශයක්




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය නොමග යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා තමන් දින 54 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.

රජයේ දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විමල් වීරවංශ මන්ත‍්‍රිවරයා අද (06) දින කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී  අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. ඒ වෙනුවෙන්ම ඔවුන් පරීක්ෂණ මෙහෙයවන බවද ඔහු ප‍්‍රකශ කළා.

තමන් අත්අඩංගුවට ගැනීමේදී සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කළ වාර්තාවද දෝෂ සහිත බව මන්ත‍්‍රීවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළා. 

මේ අතර විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ලබන 20 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.