Thursday, March 28, 2024

General line - 0115112241

FCIDයට එරෙහිව දූෂණ විරෝධී හඬ




පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඇතැම් විමර්ශන සඳහා විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බව දූෂණ විරෝධි හඬ සංවිධානය  පවසනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ "සමහර පැමිණිළි විභාග වෙන්නෙත් බොහොම හෙමින්. ඒ පැමිණිළි සඳහා දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවයි කියලා පැහැදිළියි." යනුවෙනි. 

පසුගිය ආණ්ඩුවේ සිටි දුෂිිත පුද්ගලයින්ද වත්මන් ආණ්ඩුව සමග එක්ව මහජන දේපළ අවභාවිත කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.