Friday, April 26, 2024

General line - 0115112241

රංගන හේරත් සැළසුම හෙළි කරයි




බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට (07) ආරම්භ වන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න සමගින් උපුල් තරංග ශ‍්‍රී ලංකා ඉණිම ආරම්භ කරන බව නායක රංගන හේරත් පවසනවා.

ගාල්ල ක‍්‍රීඩාංගණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස කටයුතු කරන බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "පළවෙනි දවස් දෙක වේග පන්දු යවන්නන්ටත් තරගයේ අවසන් දින දෙකේදී ඳග පන්දු යවන්නන්ටත් වැඩි වාසි ලබා ගත හැකි බව මගේ විශ්වාසයයි. තරගයට ඇන්ජලෝ මැතිව්ස් නොමැතිවීම විශාල අඩුපාඩුවක් වුවත් තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කර එම අඩුපාඩුව මගහැරෙන පරිදි කටයුතු කිරීමට පියවර ගන්නවා." යනුවෙනි.