Friday, March 29, 2024

General line - 0115112241

අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන්න - ජනපතිගෙන් විදෙස්ගත ලාංකිකයන්ට පණිවිඩයක්




ඉන්දුනිසියාවේ නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එරට දී ආරම්භ වන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට අද (07)සහභාගි වනවා.

ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 11ට පමණ සමුළුව අමතනු ඇති.

 

මේ අතර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දුනිසියාවේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයන් සමග සුහද සාකච්ඡාවක නිරත වුණා.

 

දේශපාලන ප‍්‍රතිවාදින්, රජය පිළිබඳව ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි ජනාධිපතිවරයා විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ.