Saturday, April 20, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය නැහැ (UPDATE)




දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (07) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණගේ කියා සිටියේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි. 

වැඩවර්ජනය අත්හිටුවීම නිසා හෙට (08) දිනයේ සියලු සේවා සාමාන්‍ය පරිදි සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

------------------------------------------

අද රෑ සිට දුම්රිය නෑ !

(07-03-2017 06:00)

ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග ඊයේ (6)රාත‍්‍රියේ පැවති සාකච්ඡා  අසාර්ථක වීම නිසා සැළසුම් කළ පරිදි  අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. 


එහි ලේකම් ඉන්දික රුවන් පතිරණ සඳහන් කළේ වැඩවර්ජනය ක‍්‍රියාත්මක වුවද මගීන් ගේ පහසුව සඳහා  කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවයි.