Wednesday, April 24, 2024

General line - 0115112241

එජාපයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් - රතන හිමි විවේචනයට ලක්වේ 




පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වත්මන් දේශපාලන ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ දැඩි ලෙස උණුසුම් වුණා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශූ මාරසිංහ රතන හිමියන්ගේ ක‍්‍රියාකාරිත්වය විවේචනය කරමින් අදහස් දැක්වීමත් සමගයි. 

එහිදි මන්ත‍්‍රිවරයා පෙන්වා දි ඇත්තේ රතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් බිහිකෙරුණු ශ‍්‍රී ලංකා ජාතික මහ සභාවේ රැස්විමකදි අග‍්‍රාමාත්‍යවරයා සහ වත්මන් රජය දැඩි ලෙස විවේචනයට ලක්වූ බවයි. 

රත්න හිමියන් එක්සත් ජාතික පක්ෂයේ  ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් දරමින් එලෙස අග‍්‍රාමාත්‍යවරයා විවේචනය කිරීම යුක්ති සහගත නොවන බවද  මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදි පෙන්වා දී ඇත්තේ ස්වාධීන පාර්ශවයක් ලෙස තමන් එම අදහස් දැක්වීම සිදු කළ බවයි. 

මෙම අවස්ථාවේදි අමාත්‍ය රාජිත සේනාරත්නද අදහස් දක්වා තිබෙනවා. 

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැතිවරණයෙන් පසුව ඉතා පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවිමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබූ බවයි. 

එහෙත් සංහිඳියාව ඇති කිරීම සඳහා හවුල්කාර ආණ්ඩුවක් පිහිටුවු බවයි ඔහු පෙන්වා දුන්නේ. 

අමාත්‍ය සරත් ෆොන්සේකාද මෙම සංවාදයේදී අදහස් දක්වා තිබෙනවා.
 
රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට එක්සත් ජාතික පක්ෂය පෙර සිටම දැඩි කැපවීමකින් යුතුව කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 

පැවති තත්ත්වය යටතේ කිසිදු බියකින් තොරව ආණ්ඩුවෙන් ඉවත් වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එම නිසා හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.