Thursday, April 25, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් සීගිරියේ  වැසිකිළි අර්බුදයට බලධාරීන්ගෙන් විසඳුම්




සීගිරිය සංචාරක කලාපයට ස්ථිර වැසිකිළි පද්ධතියක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. 

නිසි වැසිකිලි පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවට පත් වන බව නෙත් නිවුස් ඉකුත්දා පළමු වරට කරුණු අනාවරණ කළා. 

ඉන්පසුව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද මේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළ වුණා. 

කෙසේ වෙතත් මේ වන විට අදාළ ගැටලූව පිළිබඳ අවධානය යොමුකර එය නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති  බවයි විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියා සිටියේ.