Saturday, April 20, 2024

General line - 0115112241

වයඹ පළාත් ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව අද 




වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී  රත්නායකට එරෙහි ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව අද (07) විවාදයට ගැනෙනවා. 

ඒ, අදට නියමිත වයඹ පළාත් මාසික රැස්විමේදීයි.

හදිසි හා අත්‍යවශ්‍ය යෝජනාවක් සේ සළකා එය විවාදයට ගැනිමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේ වෙතත් අද පැවැත්වෙන පළාත් සභා රැස්විමේ න්‍යාය පත‍්‍රයට මෙම යෝජනාව ඇතුළත් කර නැහැ. 

එහෙත් ආණ්ඩුපක්ෂය විසින් හදිසි යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

පළාත් ආණ්ඩුකාරවරිය ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් කිසිදු විමසීමක් නොකර බොහෝ තින්දු තීරණ ගන්නා බවටයි චෝදනා එල්ල වන්නේ. 

අදාළ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් තිස් හත් දෙනාගෙන් තිස් පස්දෙනෙකුම අත්සන් කර තිබෙනවා.