Saturday, April 20, 2024

General line - 0115112241

කාසියේ වාසිය රංගනට - අසේල සහ ලක්ෂානුත් තරගයට 




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදි  ආරම්භ වුණා. 

කාසියේ වාසිය දිනූ ශ‍්‍රි ලංකා නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

බංග්ලාදේශය ගාල්ල ක‍්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකට එක් වන දෙවන අවස්ථාව මෙයයි. 

අසේල ගුණරත්න සහ ලක්ෂාන් සඳකැන් ද අද තරගය සඳහා එක්ව සිටිනවා.

...................................................................................

රංගන ලෝක ඉතිහාසයට ගෙන යන තරගය අදයි

07-03-2017 08:04

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල අන්තර්ජාතික කී‍්‍රඩාගණයේදී අද (07)ආරම්භ වනවා. 

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයක්. 

ශී‍්‍ර ලංකාවට එරෙහිව බංග්ලාදේශය මෙතෙක් ටෙස්ට් තරග ජයක් වාර්තා කර නැහැ. 

දෙරට අතර පැවැති තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා. 

බංග්ලාදේශ කණ්ඩායම ගාල්ල කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයට එක්වන දෙවන අවස්ථාව මෙයයි. 

2013 වසරේ දෙරට අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග 28කට කී‍්‍රඩා කර තිබෙනවා. 

ඉන් තරග 16කම ජය අත්කර ගැනීමට ශී‍්‍ර ලංකාව  සමත් වුණා. 

ශී‍්‍ර ලංකාව එහිදී තරග 6ක් පරාජයට පත් වූ අතර තරග 6ක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත  කිරීම් සටහනේ 7 වන ස්ථානයේ පසුවනවා. 

බංග්ලාදේශ කණ්ඩායමට එම සටහනේ හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයේයි.

මේ අතර අද මෙම තරගයේදී නායක රංගන හේරත් තවත් කඩුලූ 6ක් දවා ගතහොත් ඔහු වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගත් වමත් දඟ පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති.