Thursday, April 25, 2024

General line - 0115112241

දැරණියගල තවත් ඝාතන දෙකක් - දැරියකුත් ඒ අතර




දැරණියගල මාගල ප‍්‍රදේශයේදී හත් හැවිරිදි දැරියක සහ හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ අදාළ  දැරියගේ මවද බරපතල කැපුම් තුවාල සහිතව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි. 

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. 

මහේස්ත‍්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණය අද පෙරවරුවේ  පැවැත්වීමට නියමිතයි.