Friday, April 19, 2024

General line - 0115112241

විදුහල්පතිවරුන්ට  යුද හමුදා පුහුණුව!




විවිධ විරෝධතා හේතුවෙන් නතර කර දැමුණු විදුහල්පතිවරුන්ගේ යුද හමුදා පුහුණුව යළි ආරම්භ කර තිබෙනවා. 

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ මාතර දිස්ත‍්‍රික්කයේ විදුහල්පතිවරුන්ට නායකත්ව හා කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීමේ අරමුණින් ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී එවැනි පුහුණුවක් සංවිධාන කර ඇති බවයි.  

ඒ සම්බන්ධයෙන් මාතර සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සියලූ විදුහල්පතිවරුන්ට ලිපියක්ද යොමු කර තිබෙනවා.