Friday, April 19, 2024

General line - 0115112241

පස් ජාවාරම අනාවරණය කළේ වාසි වලට නොවේ - නියෝජ්‍ය ඇමති රන්ජන් 




පස් ජාවාරම සම්බන්ධයෙන් තමන් තොරතුරු අනාවරණ කරනු ලැබුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ ජිවිත අවධානමක්ද සහිතව  මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමේ  අවශ්‍යතාවක් නොමැති බවයි. 

නෙත් එෆ් එම් රේඩියෝවේ අද උදෑසන විකාශය වූ බැලූම්ගල වැඩසටහන සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

 

බැලූම්ගල වැඩසටහනින් සිදු කෙරුණු අනාවරණය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පළ කළා.