Thursday, April 18, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය එකතු වුණොත් තනතුරු බෙදාගත හැකියි




වර්තමාන දේශපාලන ක‍්‍රමය තුළ යහපාලනය යන යෙදුම අවමානයට ලක්ව ඇතැයි බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

යහපාලනය අවමානයට ලක්වීම පිළිබඳව වගකිවයුතු පිරිසක් සිටින බවද මෙහිදී ඔහු සඳහන් කළා.

ඔහු ඒ බව පැවසුවේ බස්නාහිර පළාත් සභාවේ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

කිසියම් පාර්ශවයකට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථාවක් නිර්මාණය කර ඇති බවත් ජනතා කැමැත්ත පරිදි ඊට අවස්ථාවක් ඇති බවත් සඳහන් කළා.

ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම ජනාධිපතිවරයා සමග එක්වන්නේ නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ජය ගන්නා පළාත් පාලන ආයතනවල තනතුරු දෙපාර්ශවයට සමගිව බෙදාගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.