Thursday, April 25, 2024

General line - 0115112241

මූල්‍ය අර්බුද මැද මැති ඇමතීන්ට වාහන ගන්න තවත් කෝටි 54 ක් ඉල්ලයි




අමාත්‍යවරුන් හත් දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ විපක්‍ෂ නායකවරයා වෙනුවෙන් වාහන මිළදි ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අද (07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා.

වාහන මිළදී ගැනීම සඳහා එමගින් ඉල්ලා ඇති මුදල රුපියල් පනස් තුන් කෝටි අනූ නව ලක්‍ෂ හැට දෙදහස් පන්සිය හතලිහක්. 

මීට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට රුපියල් ලක්‍ෂයක මාසික දීමනාවක් ලබාදීම සඳහා ද අද ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් ඉල්ලා තිබෙන බවයි නෙත් පාර්ලිමේන්තු වාර්තාකරු පවසන්නේ. ඒ සඳහා ඉල්ලා ඇති මුදල රුපියල් දහතුන් කෝටි හතලිස් හතර ලක්‍ෂයක් වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදේශ ණය උපයෝජන ගිණුම්ගත කිරීම වෙනුවෙන් සහ ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ‍්‍රාම වැටුප් ගෙවීමටද මෙමගින් මුදල් ඉල්ලා තිබෙන බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.                             
 

වාහන මිළදී ගැනීමට නියමිත අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛණය පහතින් දැක්වෙනවා. 

රාජ්‍ය ව්‍යවසාය (නියෝජ්‍ය ඇමති)

කාන්තා හා ළමා කටයුතු (රාජ්‍ය අමාත්‍ය)

සංචාරක ක්‍රිස්තියානි (ඇමති)

වාරි මාර්ග හා ජල කළමණාකරණ (ඇමති හා රජ්‍ය ඇමති)

විදුලි සංදේශ (නියෝජ්‍ය ඇමති)

උසස් අධ්‍යාපන (ඇමති)

තිරසාර සංවර්ධන, වනජීවි (ඇමති)

විශේෂ කාර්යභාර (ඇමති)

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ (ඇමති)

විපක්ෂනායක

තාක්ෂණ හා පර්යේෂණ (රාජ්‍ය ඇමති)

විදුලි සංදේශ ඩිජිටල් (ඇමති)