Wednesday, April 24, 2024

General line - 0115112241

ගුටි කෑ සිසුවා කොළඹදී ආණ්ඩුකාරවරයාට කියූ දේ




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති වු ගැටුමෙන් තුවාල ලැබූ සිසුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (17) දහවල් කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති වු ගැටුමෙන් බරපතල තුවාල ලැබු සිසුවෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඊයේ(16) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පැවසූවේ සිසුවාගේ දෙමාපියන් සමගද සිසුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සාකච්ජා කළ බවයි.

යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් අතර ඇති වු ගැටුම හේතුවෙන් සිසුන් 25 දෙනෙකු තුවාල ලබා ඊයේ (16) යාපනය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

සැළසුම් සහගතව අදාළ උත්සවය සංවිධානය නොකර තිබීමේ ගැටළුවද මෙම සිසුවා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා වෙත දන්වා සිටි බවයි එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ට සහ රෝහල් කාර්යය මණ්ඩලයට අසන්නට ලැබුනේ.

student www.nethfm.com1 student www.nethfm.com2 student www.nethfm.com3

සබැඳි පුවත්

යාපනය සරසවි ගැටුමේ ඡායාරූප මෙන්න

 

ගැටුමට හේතුව හෙළිවෙයි – විද්‍යා පිඨය තාවකාලිකව වැසෙයි (UPDATE)