Thursday, April 25, 2024

General line - 0115112241

කාන්තාවන් වෙනුවෙන් විශේෂ ආශීර්වාද පූජාවක්




හෙටට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව පිංකම් කිහිපයක් සංවිධාන කර තිබෙනවා.

ඒ, නවගමුව පත්තිනි දේවාලයේදීයි.

මේ යටතේ කිරි අම්මාවරුන් හත් දෙනෙකු සඳහා කිරිඅම්මා දානයක් හෙට (08) අලුයම සිදු කෙරෙනවා.

පස්වරුවේ පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ වැඩම කරවීමෙන් ආශිර්වාද සෙත් පූජාවක් පැවැත්වීමට නියමිතයි.

ලෝවාසී සියලූ කාන්තාවන්ට ආශිර්වාද ප‍්‍රාර්ථනා කිරීම මෙම පිංකම්වල අපේක්‍ෂාව වනවා.

පස්වරුවේ පැවැත්වෙන ආශිර්වාද සෙත් පූජාවට සහභාගිවී ආශිර්වාදය ලබාගැනීමට ඔබටද හැකියි.

පැමිණෙන විට කහමල් සහ අබතෙල් මිශ‍්‍ර තල තෙල් පහනක්ද රැගෙන එන්නැයි සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.